විදුහල්පති පණිවිඩය
රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය
දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ පිහිටා ඇති හ/වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය දිස්ත්‍රික්කයේ කීර්තිමත් මධ්‍ය විද්‍යාලයකි. 1940 වර්ෂයෙහි ආරම්භ කරන ලද අප විද්‍යාලය මේ වන විට සිය 83 වන වියට පා තබා ඇත. මෙම 83 වසරක කාලය තුල පාසල තුලින් ලක්මවට දායාද කර ඇති ගුණ නැණ පිරිපුන් කීර්තිමත් රදපස පුතුන් දියණියන් දහස් ගණනකි.ඔවුන් මේ වන විටත් මවුබිමටත් මවුබිමෙන් බැහැරවත් රදපස කිතුගොස දිනෙන් දින ඔසවා තබමින් සිටිති.විද්‍යාලයීය දුපුතුන් මේ වන විට ලබා ඇති ජයග්‍රහණද අතිවිශාලය. ඒ අතර 2012 වර්ෂයේදී සමස්ත දිවයිනේම උසස් පෙළ ගණිත විද්‍යා දෙඅංශයෙහිම ප්‍රථමයින් එකම විද්‍යාලයකින් බිහිකිරීමේ වාර්තාවද තැබීම අප පාසල ලද විශිෂ්ටතම ජයග්‍රහණයකි. විශිෂ්ට ක්‍රීඩක ක්‍රිඩිකාවන් දැයට දායාද කර ඇති අප පාසල දිස්ත්‍රික්කයේ ඇති එකම ක්‍රිඩා පාසලද වේ.එසේම 2020 වර්ෂයේදී අ.පො.ස (සා.පෙළ) විභාගයේදී දිවයිනෙන්ම හත්වන් ස්ථානය ලබාගැනීමට අප පාසලට හැකිවුනු බවද මෙහිදී මතක් කර සිටිමි. එමෙන්ම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙසද දු දරුවන්ගේ අනාගතයට ශක්තියක් වීමට ලැබීමද අප ලත් භාග්‍යයක් ලෙස සලකමි. දු පුතුන් ඉගෙනුමෙන් පමණක් නොම සෑම අංශයකින්ම ඔපමට්ටම් කර රටට දැයට වැඩදායක පුරවැසියන් ලෙස පාසල් බිමෙන් නික්මව යනු දැකීම මාගේත් මාගේ ආචාර්යය මණ්ඩලයේත් එකම බලාපොරොත්තුවයි , අභිප්‍රායයි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය