‘නොනැවත ඉදිරියට’ තේමා පාඨයෙහි අරුත යළි යළිත් පසක් කරමින් දකුණු ලකටත් එතැනින් මුළු මහත් සිරිලක ටත් ලාංකීය ආධිපත්‍ය පතුරුවන අග්‍රගණ්‍ය විදුණැන නිජබිමක් වන් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය 1940 දශකයේ අවසන් භාගයේ දී බිහිව වත්මන වන විට ස්වකීය 82 වන වසර ද අභිමානවත්ව සමරමින් අතුපතර විහිදුණු මහා වෘක්ෂයක් බඳුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුවාදරුවන් ට සිප් සිසිල බෙදමින් විරාජමානව වැජඹෙයි.
වීරකැටිය තංගල්ල මහා මාර්ගයට යාබදව වීරකැටිය ප්‍රසිද්ධ පස්මංහන්දියේ සිට තංගල්ල මාර්ගයේ කිලෝමීටර එකහමාරක් පමණ දුරින් පිහිටා ඇති රදපස මැදි විදුහල අතීතයේදී මිරිස්වත්ත ඉස්කෝලේ යන නමින් ගම්වැසියන් අතර ප්‍රචලිතව තිබූ ප්‍රාථමික පාසලකි.එය අහිංසක ගැමියන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසලක් පිහිටුවිය යුතුයැයි යන අදහසින් එකල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට අසුන නියෝජනය කල අභාවප්‍රාප්ත ඩී.එම් රාජපක්ෂ මැතිතුමාගේ ප්රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් ශිෂ්‍යයන් 33 දෙනෙකු හා ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් ව, ආරම්භක විද්‍යාලයාධිපති තැන්පත් ඒ.අමරසිංහ මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ වූවකි.
තවද ගැමි දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමේ මහා ව්‍යාපාරයක් ගෙනගිය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ට අනුකූලව දිවයිනේ පස්වන හා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය ලෙස මෙම විද්‍යාලය පරිවර්තනය කිරීම 1945 වර්ෂයේදී සිදුවිය.
පාසලේ දැක්ම
සිරිලක අධ්‍යාපනයේ විශිෂ්ටයන් අපි වෙමු.