නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
හ/වීරකැටිය රාජපක්ෂ ම.වි.
රුහුණු ගිරුවාපත්තුවේ ප්‍රමුඛතම පාසල වන හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය ශ්‍රි ලංකාව පුරා කිතු ගොස නැංවු අභිමානවත් පාසලකි. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙම පාසල 1930 දශකයේ ගොවි පාසලක් ලෙස ආරම්භ විය.අචාර්ය සී.ඩබ්. ඩබ් කන්නන්ගර මැතිතුමාගේ උදාර සංකල්පයට අනුව දිවයිනේ ප්‍රථම මධ්‍ය විද්‍යාල 5 න් එකක් ලෙස හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය ඇරඹෙන්නේ 1940.10.15 දිනය. ආරම්භයේ විදුහල් මාතාව සතු වුයේ සිසු සිසුවියන් 33 දෙනෙක් සහ දෙදෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයකි.
දිනෙන් දින පාසලෙහි කීර්තිනාමය දසත පැතිරෙත්ම හ/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම අවට සිසු දරු දැරියන්ගේ ද සිහිනයක් බවට පත්විය. ඒ බව 2022 වසර වන විට පාසලෙහි අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය සංඛ්‍යාව 5000 ක් දක්වා වර්ධනය වීමෙන් මොනවට පැහැදිලිය. වර්තමානය වන විට කුසලතා පරිපුර්ණ ආචාර්ය මණ්ඩලය 180 ක් වේ.
නොනැවත ඉදිරියට යන සංකල්පය පෙරදැරිව කටයුතු කරන විදුහල් මාතාව එදා මෙදා තුර පැළඳි ජයග්‍රහණයේ අනර්ඝ අභරණ රැසකි. 2012 වසරේ විද්‍යා හා ගණිත අංශ වලින් සමස්ත ලංකාවේම වැඩිම ලකුණු ලබා ගත් සිසුන් දෙදෙනා අප විද්‍යාලයෙන් බිහිවීම පාසල් මෑණිය ගෙල පැළඳි අමිල වු අභරණයන්ය. දිස්ත්‍රික්කයේ එකම ක්‍රිඩා පාසල වන රදපස විදුහල ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල දරු දැරියන් ක්‍රිඩා කුසලතාව වැඩි දියුණු කරගන්නා තෝතැන්නකි. විදුහලෙන් බිහිවු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙස් විදෙස් කෙළිබිම් වල ජය කෙහෙලි නංවමින් විදුමෑණියන්ගේ කිතුගොස නංවා ඇත.
විද්‍යා , කලා , වාණිජ යන සාම්ප්‍රදායික විෂය කෙෂ්ත්‍ර ක්‍රියාත්මක වු ශ්‍රි ලංකාවට තාක්ෂණික විෂය කේෂ්ත්‍රය දිීර්ඝ කාලීන අවශ්‍යතාවයකි. මෙම විෂය කේෂ්ත්‍රය ද ඇරඹීමේ පහසුකම් අප විද්‍යාලය සතු වීම විදුහල ලැබු තවත් සුවිශේෂ ජයග්‍රහණයකි. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය 20ෙ023 වර්ෂයේ ක්‍රියාත්මක වීමත් සමග විද්‍යාලයේ තාක්ෂණික අධ්‍යාපන කේෂ්ත්‍රය ද දියුණු වනු නොඅනුමානය. මෙමගින් රටේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ද සිදුවේ. නව අධ්‍යාපන ක්‍රියාවලිය නිසා රටේ අනාගතය සපුරන තාක්ෂණික දැනුමෙන් පිරි හෙට ලොව දිනන විනය ගරුක පරපුරක් බිහිවනු දැකීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි.
ආර්.පී රැන්ටන් ද සිල්වා
නියෝජ්‍ය විදුහල්පතිි(විෂය හා විෂය සමගාමී)
රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය
වීරකැටිය.