රදපස ජලජ කවය

“මතු පරපුරේ යහපතයි ජලජ සම්පත් සුරැකුමයි” යන ආදර්ශ පාඨය පදනම් කරගත් ජලජ කව වැඩ වැඩසටහන් පාසල් සිසු දරු දැරියන් සඳහා ක්‍රියාත්මක කරනු ලබයි.විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිසුන් තුළ ජලජ සම්පත් ක්ෂේත්‍රය සම්බන්ධව පවතින දැනුම් පුළුල් කිරීම් තුළින් රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු සලසමින් මැනෙවින් සුරැකී තිරසර හෙට දිනක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ බලාපොරොත්තුවයි. මෙම වැඩසටහන් නාරා ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය අත්වැල් බැඳ ගනිමින් සිදුකරනු ලබයි.

මෙහි දැක්ම වනුයේ ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් චිත්‍රය පිළිබඳව දැනුමෙන් සපිරි ක්ෂේත්‍රය පිළිබඳව දැනුමෙන් සපිරි අනාගත පර පරපුරක් බිහිකිරීම තුළින් ජලජ සම්පත් ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනයට මංපෙත් විවර කිරීම වන අතර මෙහෙවර ජලජ සම්පත් ශාස්ත්‍රය පිළිබඳ දැනුමින් සන්නද්ධ වූ මතු පරපුර ජලජ සම්පත් සංවර්ධනය සඳහා සක්‍රීයව දායක කොට ගැනීමයි.

ජලජ කව පිහිටුවීම අරමුණු

  • පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජල සම්පත් ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් බවක් ලබා දීමෙන් අනාගතයේ දී ඔවුන්ට එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් බවට පත් වීමට මංපෙත් එළිපෙහෙළි කර දීම හා ඒ මඟින් අනාගතයේදී ජලජ සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීම.
  • පාසල් සිසුන්ට විෂයානුබද්ධ ජලජ සම්පත් සංවර්ධනය කළමනාකරණය හා සංරක්ෂණය පිළිබඳ දැනුම ලබා දීම.
  • ජලජීවී ධීවර කටයුතු ආශිත ක්‍රියාවලිය හා ඒ සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව දැනුවත් බවක් ලබා දීමෙන් සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම.
  • පරිසර කඳවුරු තුලින් සිසු දරුවන් අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සදහා ප්‍රබෝධයක් ඇතිකිරීම හා ජීවිතාරක්ෂාව පිළිබඳ දැනුම් ලබා දීම.
  • ස්වයං විනයක් සහිතව ජලජ සම්පත් හා පරිසර සම්පත් රැක ගැනීමට කැපවූ අනාගත පරපුරක් බිහි කිරීම..